ඇන්ජලෝ මැතිවුස් කියන්නෙ ලංකාවට බිහිවුනු අතිදක්ෂ තරුණ නායකයෙක්. නායකත්වය අතින් අපිට ජයග්‍රහණ වාර්තා ගෙනාපු කෙනෙක්. අඩු වයසකින්ම ජාතික කණ්ඩයමට තේරුණු කෙනෙක්. අවශ්‍ය මොහොතෙදි කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කළ ක්‍රීඩකයෙක්. අවශ්‍ය මොහොතේදී දැඩි ප්‍රහාරාත්මක පිතිකරුවෙක්. දක්ෂ මදවේග පන්දු යවන්නෙක්. මැද ඕවර පමණක් නොව ආරම්භක පන්දු යවන්නෙක් වශයෙන්ද කටයුතු කළ කෙනෙක්. අතිදක්ෂ පන්දු රකින්නෙක් නිසා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තුන් ඉරියවුවෙන් කැපී පෙනෙන ක්‍රීඩකයෙක් විදියට කියන්න පුළුවන් කෙනෙක්. මේ කියන්න යන්නෙ ඒ ඇන්ජලෝ මැතිවුස්ගේ හොඳම ක්‍රිකට් ඉනිම් ටික ගැන.
Source – ytimg.com
ලකුණු 239ක් ගහන්න යන ටීම් එක 107ට විකට් අටක් ගිහින් තියෙද්දි රසල් ආනල්ඩ් කමෙන්ට්‍රි බොක්ස් එකේ ඉඳන් කියනව ඓතිහාසික කතාවක්. “
තාම බලාපොරොත්තු අතෑරගන්න ඕන නෑ මැතිවුස් ක්‍රීස් එකේ ඉන්නවනෙ.” රසල් ආනල්ඩ්ගෙ කතාව ඇත්තක් කරල නියමෙට බර කරට අරන් මැතිවුස් ගහනව ගේමක්. ඒක ලකුණු සීයකුත් නෙමෙයි. අඩු බෝල ගාණකින් ගැහුවෙත් නැහැ. ඒත් ඒක තමයි මැතිවුස්ගෙ හොඳම ඉනිම. ක්‍රිකට්වලට ආසකරන මිනිහෙක් දකින්න ඕන ඉනිමක් තමයි ඒ. මාලිංග එක්ක තිබ්බ පාට්නර්ෂිප් එක.
Source – youtube.com/Angelo Mathews Wonderful 160 vs England
මේක වටින ඉනිමක්. අපේ මුල් ඉනිමට පිළිතුරු විදියට එංගලන්තෙ එකසිය අටක ලීඩ් එකක් තියලයි දෙවනි ඉනිම අපිට ගහන්න දුන්නෙ. ටීම් එකේ ගොඩක් බැට්ස්මන්ලාට ලකුණු අතරට එන්න පුළුවන් වුනාට ඒක ලොකු ලකුණු ගාණක් වෙනකං අරගෙන යන්න දරපු උත්සාහයන්වලදි ඔවුන් අසාර්ථක වුනා. ඒ නිසා දෙවනි ඉනිමෙ බර කරට ගත්තු මැතිවුස් ලකුණු 160ක්ගැහුවෙ හතරෙ 25කුත් හයේ එකකුත් එක්ක. මුල් ඉනිමෙ සාර්ථක නොවුනත් ඒ අඩුව වහගන්න මුල් ඉනිමෙදි ගත්තු විකට් හතර ඇති වුනා කියන්න පුළුවන්. මැච් එක අපි ලකුණු සීයකින් දිනනව. ඉතාම තියුණු සටනකින් පස්සෙ තරඟයේ අන්තිම බෝලෙට කලින් බෝලෙන් තමයි එංගලන්තෙ අන්තිම විකට් එක අපි දවාගන්නෙ. මේ තමයි මැතිවුස්ගෙ වැඩිම ටෙස්ට් ලකුණු වෙන්නෙත්.
Source – guim.co.uk
2013දි අඩුඩාබි වලදි තමයි මේ මැච් එක ගහන්නෙ. මුල් ඉනිමෙදි ලංකාව සාර්ථක නෑ. යම් තරමකට හරි මැච් එක ඇදගෙන ආවෙ මැතිවුස්ගෙ ලකුණු 91 විතරයි. අවාසනාවන්ත විදියට ස්ටම්ප් වෙලා මැතිවුස් අවුට් වෙනවා. ලකුණු දෙසීයකට කිට්ටු ලීඩ් එකක් තියලා පකිස්ථානෙන් දෙන ඔට්ටුවට ගහන්න එන ලංකාවෙ ටීම් එකේ හැම ක්‍රීඩකයම වගේ හොඳින් ලකුණු අතරට ආවත් වැඩි ඉහළකට යන්නෙ නෑ. ඒ තැනට ටීම් එක ඇදගෙන යන්නෙ මැතිවුස්. පරදින්න ගිය මැච් එක ඩ්‍රෝ වෙන තැනකට ඇදගෙන එද්දිත් මැතිවුස් අවුට් නැහැ. ලකුණු 157කින් ඉනිං එක ඩික්ලෙයා කරනව.
Source – oneindia.com
මේ තරඟය යට ගහන්න ඕන තරඟයක්. නවසීලන්තයට අපි නරක විදියට පැරදිච්ච තරඟයක්. ටීම් එකෙන් ඩබල් ෆිගර්ස්වලට ආවෙ මැතිවුස් සහ ඩිල්ෂාන් විතරයි. ඩිල්ෂාන් ගැහුවෙත් විසිගාණයි. බෝල 49කදි නොදැවී වාර්තා කරපු මැතිවුස්ගෙ ලකුණු 81 නොවෙන්න අපේ මේ පරාජය වාර්තා පොත් අතරට යනවා. ඒත් මේ තමයි මැතිවුස් ටීටුවෙන්ටියක ගහපු වැඩිම ලකුණු. අවශ්‍ය මොහොතෙ මැතිවුස් ක්‍රියාත්මක වෙනව කියල පෙන්නන්න මේක හොඳ උදාහරණයක්. ඒ වගේම ටෙස්ට් ලකුණු අතරෙ තියෙන අනූවෙ සහ අසූවෙ ලකුණු අරන් බැලුවොත් තේරේවි සීයක් ගහන එක ගැන කිසිම තැකීමක් නැතුව මැතිවුස් සෙල්ලං කරල තියෙන විදිය.
Source – indianexpress.com
මේ තවත් යට ගහන්න ඕන තරඟයක්. මේ මැතිවුස්ගේ එක්දින තරඟයක වැඩිම ලකුණු ගහපු මැච් එක. තිරිමාන්න, ඩිල්ෂාන්, මහේල ඇරෙන්න අනිත් කවුරුත් ලකුණු 10 සීමාවටවත් එන්නෙ නැහැ. මැතිවුස් 139ක් ගැහුවට පස්සෙත් ටීම් එකම ලකුණු 286ක් විතරයි.මැතිවුස් ඉන්දියාවෙ මුල් විකට් දෙකම දාලා දුන්නත් ගේම ගොඩදාගන්න අනිත් අයට පුළුවන් වෙන්නෙ නැහැ. ඒ නිසා මේ සුපිරි ඉනිමත් අපරාදයක් වෙනවා.
Source -youtube.com/Angelo Mathews 80 against Pakistan
මේකත් මැතිවුස්ගෙ සුපිරි ඉනිමක්. මහ ගාණක් නෙමෙයි කියල හිතේවි. ඒත් පකිස්ථානෙ එක්ක 248ක් චේස් කරන් යද්දි අපි 130 ගාණට විකට් 6ක් ගිහින් අන්ත අසරණ තත්ත්වෙකට වැටෙනවා. මැතිවුස් එක පැත්තක අල්ලගෙන ඉඳන් ගේම ගොඩදානව. අන්තිම ඕවරේට 15ක් ගහල තමයි බෝල දෙකක් ඉතුරුවෙලත් තියෙද්දි මැච් එක දිනවන්නෙ. ජීවන් මෙන්ඩිස්, කුලසේකර, තිරිමාන්න එක්ක ටික දුරක් අල්ල අල්ල ගොඩ දාන මේ ගේමෙදි මැතිවුස්ගෙ නියම ගුණයක් පෙන්වනවා. ඒ තමයි අන්තිම මොහොත වෙනකං ගේම අතාරින්නෙ නෑ කියන එක.
0 comments:
Post a Comment